Addressing Human-Elephant Conflict in Sri Lanka

 Author: Ashan Karunananda

The Sri Lankan Elephant has been a symbolic figure in the past and present. In fact, historical information proves a relationship that has begun over 5,000 years ago. However, over the past years the human population has seen a rapid increase which has caused severe problems to this strong relationship. In 2019 alone, a total of 405 elephants and 121 humans have died as a result of human-elephant conflict, which leaves many questions to be answered.

Today, the Sri Lankan Elephant (Elephas maximus maximus) is considered an endangered species by IUCN as its populations have decreased by more than 50% over the past years. The main reasons for this rapid decrease are habitat loss, degradation and fragmentation, as well as the rapid incline of the human populations. The elephants are now more concentrated in the dry zone, including Wilpattu National Park, Yala National Park, Udawalawe National Park, and Minneriya National Park. It is estimated that Sri Lanka has the highest elephant density in Asia. However, over the past decade, human-elephant conflict has increased, resulting in death for humans and elephants.

Addressing Human-Elephant Conflict

There are several ways to address human-elephant conflict. These include:

  1. Setting up protected areas and ecological corridors

The establishment of protected areas which provide feeding, breeding, and residing habitats to the elephants could play a key role in addressing human-elephant conflict in Sri Lanka.  These areas will physically separate humans and elephants. Furthermore, leaving corridors that connect fragmented habitats will provide more areas for these mammals to graze. The presence of corridors supports the elephants in their seasonal migration and also helps them to find food during the dry season.

  1. Building electric fences

Among the priority actions taken to address human-elephant conflict is the construction of electric fences in areas where human-elephant conflict is severe. However, it is important that these fences are set up following scientific studies to identify suitable areas which take into consideration factors such as the number of elephants present in the region and the area in which the elephants will be concentrated after building the fence. Additionally, this needs to take into consideration the wellbeing of the elephants, the sufficiency of food resources, sufficiency of land resources, and the potential conflicts within the elephant herd in the area. Furthermore, it is essential that there is regular monitoring as well as maintenance to ensure that the fences are not damaged and remain in good quality. 

  1. Use of acoustic deterrent devices

Farmers have long used acoustic deterrents such as shouting and fire crackers to chase away elephants entering their fields. The use of acoustic devices could replace these methods and utilize sounds that don’t harm the elephants or other animals. This is important because, farmers usually stay up whole night while guarding their cultivation which effects their day to day activities. The importance of the implementation of automated deterrent devices is a vital requirement.

  1. Light devices

The use of lighting such as bonfires, torches, and flash lights can help to chase away the elephants. This process can be made more efficient by using solar flashlights which is sustainable. These lights can be distributed among farmers and fixed in strategic locations to cover the whole agricultural land. As per the Annual Report 2019 of the Wildlife and Nature Protection Society of Sri Lanka, the implementation of light repel systems has shown positive results in preventing the elephants from entering cultivated lands. However, farmers must follow up on the maintenance to ensure the efficiency of the process. 

  1. Use of natural methods 

Elephants are fond of crops such as paddy. By growing less attractive crops together with these crops, farmers can reduce the impacts of elephants on their cultivation.  More importantly, crops that serve as repellents as well as those that provide financial benefits to farmers could be considered as options to be cultivated. These include crops such as ginger, onion, cinnamon, garlic, and citrus plants.

  1. Translocation

The most problematic elephants that damage houses, feed on crops, and even kill humans can be tranquilized and transported to another location. However, studies have shown that translocated elephants return to their original territory after some time. Therefore, this is not a long-term solution for human-elephant conflict.

  1. Compensation 

It is important to financially protect farmers from the damages caused by elephants to their cultivation and property. Compensation and insurance schemes can build the resilience of farmers and foster a more positive attitude toward the elephants. A financial safety net reduces pressure on farmers and prevents them from resorting to violence such as guns, poison, or explosives to chase away elephants.

  1. Awareness creation among communities 

Individuals and reputed organizations must take these initial steps to protect these terrestrial giants for future generation. This can be done by conducting awareness programs to the locals affected by this problem. They can be briefed on why there has been a rise in human-elephant conflict and proper methods to address it can be explained to it. Especially, farmers can be briefed on the use of new technology which can be used to prevent this problem. More importantly, these programs could include how humane ways to address human elephant conflict could be used, through increased awareness among communities. The aim is for the animals and humans to live in harmony, and not to use aggressive methods to chase off animals which were potentially living on this land long before it was settled by humans.


In conclusion, human-elephant conflict is increasing rapidly with the highest number of human and elephant deaths reported during the last year. Furthermore, with the available statistical evidence this problem will be increasing in future, if prompt actions are not taken. Protected areas, corridors, electric fencing, acoustic and light devices, natural methods, compensation and risk transfer, and awareness creation can all play a part in mitigating conflict and allow for a peaceful coexistence between humans and elephants.


Fernando, P., Wikramanayake, E., Weerakoon, D., Jayasinghe, L., Gunawardena, M., & Janaka, H. (2005). Perceptions and patterns of human–elephant conflict in old and new settlements in Sri Lanka: insights for mitigation and management. Biodiversity and Conservation, 14, 2465-2481.

 A Potential Experiment on HEC Mitigation. Wild Life and Nature Protection Society of Sri Lanka 2020.

Perera, B. O. (2009). The Human-Elephant Conflict: A Review of Current Status and Mitigation Methods. Gajaha, 30, 41-52.

Prakash, L., W, W. A., & Fernando, P. (2020). Human-Elephant Conflict in Sri Lanka: Patterns and Extent. Gajah 51, 16-25.

Santiapillai, C., & Read, B. (2010). Would masking the smell of ripening paddy-fields help mitigate human–elephant conflict in Sri Lanka? Flora & Fauna International, 44(4), 509-511.

Santiapillai, C., Wijeyamohan, S., Bandara, G., Athurupana, R., Dissanayake, N., & Read, B. (2010). AN ASSESSMENT OF THE HUMAN-ELEPHANT CONFLICT IN SRI LANKA. Ceylon Journal of Science (Biological Scences), 39(1), 21-33.

Shaffer, L. J., Khadka, K. K., Van Den Hoek, J., & Naithani, K. J. (2019). Human-Elephant Conflict: A Review of Current Management Strategies and Future Directions. frontiers in Ecology and Evolution.

Supun Lahiru Prakash, T. G., Wijeratne, A. W., & Fernando, P. (2020). Human-Elephant Conflict in Sri Lanka: Patterns and Extent. Gajah, 16-25.

Wickramasinghe, K. (2019, October 8). Habarana Suspicions raised over elephant deaths. Daily Mirror Online.

Yapa, A., & Ratnavira, G. (2013). Mammals of Sri Lanka. Colombo: Field Ornithology Group of Sri Lanka.

Zhang, L., & Wang, N. (2003). An initial study on habitat conservation of Asian elephant (Elephas maximus), with a focus on human elephant conflict in Simao, China. ELSEVIER, 112, 453-459.

ශ්‍රිපාද වනබිමේ කළු කොටි රජුට ජීවිතය අහිමි වූයේ කාගේ වරදින් ද?

සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුලක් එක් කරමින් නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ, වාලමලෙයි කෝවිල අසල එළවළු කොටුවක මද්දකට (මළපුඩුවකට) අසු වූ දුර්ලභ කළු කොටියා මියගියේ 2020 මැයි 29 වැනිදාය.

ඒ, මද්දට අසු වී දින තුනකට පසුවය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිවා රෑ නොබලා කළ ප්‍රතිකාර ගඟට කැපූ ඉනි මෙන් විය. දැන් බොහෝ දෙනෙකු වෙහෙසෙන්නේ  නල්ලතන්නියේ මළපුඩුවකට අසුව සොයාගත් කළු කොටියා  වෛද්‍ය  ප්‍රතිකාර ලබමින් මියගියේ කාගේ වරදින්දැයි විමසා බැලීම  සඳහාය. 

ශ්‍රි ලංකාවේ කළු කොටි 

ලොව වෙසෙන කොටි සියල්ල Panthera pardus විශේෂයට ඇතුලත්වන අතර, එහි උප විශේෂ 8ක් දැනට විද්‍යාත්මකව හඳුනාගෙන ඇත.  ඒ අතුරින්, ලංකාවේ වෙසෙන උප විශේෂය (Panthera pardus kotiya) මෙරටට ආවේණිකය. වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා කොටියාගේ ගහනය, 2015 වසරේ සංඛ්‍යාලේඛණවලට අනුව 700-950ක් පමණ වේ. දිවයින පුරා පැතිරුණු වනාන්තර ආශ්‍රිතව ශ්‍රී ලංකා කොටියාගේ විසිරි ව්‍යාප්තියක් දක්නට හැක. 

කළු කොටියා ලෙස හැදින්වෙන්නේ මෙම උප විශේෂයේ වර්ණ ප්‍රභේදයකි. Melanism ලෙස හැඳින්වෙන මෙම සත්ත්ව විද්‍යාත්මක ආකාරයේදී, උන්ගේ දේහයේ ඇති ඇඳුරු නැතහොත් කළු වර්ණක ඉස්මතුවී පෙනේ. කොටියාගේ සමේ මෙසේ කළු වර්ණය නිර්මාණය වන්නේ නිලීන ජානයකිනි. කෙසේ වෙතත්, කොටි සමේ ඇති සුපුරුදු පුල්ලි රටාව මේ කළු වර්ණය අතරින් හඳුනාගත හැක.  

කඳුකර කලාපයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන කළු කොටියන් දුර්ලභය.  අඳුරු පරිසරයට සහ ශීත කාලගුණයට ඔරොත්තුදීම සඳහා මෙසේ වර්ණ විපර්යාස සිදුවන බවට මතයක් ඇත. අඳුරු පරිසරයේ සාර්ථකව දඩයම් කිරීමටත්, සතුරන්ගෙන් ආරක්ෂාවීමටත් කළු වර්ණය උපකාර වේ.

කළු කොටි කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පසුගිය දශක දෙකක කාලය තුළ විවිධ වාර්තා ඉදිරිපත්වී තිබේ. එම වාර්තාවන්ට අනුව, මෙයට පෙර කළු කොටි තිදෙනෙකු  දඩයක්කරුවන්ගේ ඉලක්කයට හසුවූ පසුව සොයා ගැණිනි. ඔවුන් සියලු දෙනා  සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජීවත්වූවන්ය.  

මෙරට අවසන් කළු කොටියා ලෙස දශකයකට ආසන්න කාලයක් හඳුනාගෙන තිබුණේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගිය කළු කොටියාය. ගිරිතලේ වනජීවි  කෞතුකාගාරයේ එම සත්ත්වයාගේ ජීවමාන අනුරුවක් නිර්මාණය වුයේ, දුර්ලභ කළු කොටින්ගේ අවාසනාවන්ත අවසානය කියා පෑමට මෙනි. 

ජීවමාන කළු කොටි ගැන මෑත වාර්තාව 

දඩයම්කරුවන්ගේ මළපුඩුවලට අසුව මියගොස් සිටියදී හමු වූවද, කිසිදා කළු කොටියෙකුගේ  ජීවමානව සාක්ෂි හමුවී නොතිබිණි. මේ නිසා කළු කොටි ගැන විශේෂ අවධානයක් නොතිබිණි. මෙසේ තිබියදී, ලද තොරතුරකට අනුව 2019 ඔක්තොම්බර් 26 වැනිදා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරස්ථ චලන සංවේදී කැමරාවකට කළු කොටියකු පටිගත කරගැනීමට හැකිවිය.

ඒ මධ්‍යම කඳුකරයේ, ශ්‍රිපාද රක්ෂිතයේ නල්ලතන්නියට ආසන්නයෙනි.  නමුත් මෙම තොරතුරු මාධ්‍යට නිකුත් කෙරුනේ පසුගිය ජනවාරි මාසයේය. අදාල කළු කොටියා සමග ජීවත්වන කොටි පවුලක් පිළිබඳව තොරතුරු එම වකවානුවේ හෙළි විය. 

වනජීවි පශුවෛද්‍ය මාලක අබේවර්ධන මෙම හෙළිදරව්ව කරමින් එකල  ප්‍රකාශ කළේ මෙසේ වාර්තාවූ කළු කොටියා අවුරුදු 5ක පමණ, හොඳින්  වැඩුණු පිරිමි සතෙකු බවයි. අදාල පටිගත කිරීමට මුලිකත්වය ගෙන තිබුණේද ඔහුය. මෙම කළු කොටියා සමග තවත් ගැහැණු සතෙක්, පැටව් දෙදෙනෙකු සහ සාමාන්‍ය වර්ණ දරණ පිරිමි සතෙකු සිටින බව අනාවරණය විය.

මද්දකට හසුවු  නල්ලතන්නියෙ කළු කොටියා

2020 මැයි 26 වැනිදා ලක්ෂපාන වතුයායේ, වාලමලෙයි කෝවිල අසල එළවළු කොටුවක මද්දකට  කළු කොටියකු හසුවිය.  ඌරන්ගෙන් එළවළු කොටුව ආරක්ෂා කිරීමටත්, දඩයමටත් දෙකටම මෙම එළවළු කොටුවේ ත්‍රීරෝද කේබලයකින් මළපුඩුවක්  අටවා තිබී ඇත. මෙම මද්දට හසුව තිබුණේ නල්ලතන්නියේ දුර්ලභ කළු කොටියාය. 

හිමිදිරි උදෑසන මද්දෙන් බේරීමට කළු කොටියෙකු දඟලනු දුටු එළවළු කොටුවේ හිමිකරු නල්ලතන්නිය පොලිස් ස්ථානය දැනුවත් කළේය. පොලීසිය වහාම නල්ලතන්නිය වනජීවි කාර්යාලය දැනුවත් කළේය. ඒ අනුව, අඩවි ආරක්ෂක නිලධාරි ප්‍රභාෂ් කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියේය. වනජීවි පශුවෛද්‍යවරුන්වන මාලක අබේවර්ධන සහ අකලංක පිණිදිය එම ස්ථානයට ළඟාවූයේ උඩවලව ඇත් අතුරු සෙවණේ සිටය. ඒ වනවිට පැය කිහිපයක් ගතවී තිබු අතර වතුකරයේ ජනතාව තුන්දහසක් පමණ කළු කොටියා බැලීමට පැමිණීම නිසා, මද්දෙන් බේරී පලායාමට තැත්කිරීමේදී කළු කොටිය මහත් වෙහෙසට පත්ව තිබිණ.

නිර්වින්දනය කළ කළු කොටියාට ප්‍රතිකාර කිරීම

පශුවෛද්‍ය මාලක අබේවර්ධන කළු කොටියා නිර්වින්දනය කළ අතර අනෙකුත් වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මුදා ගැනීම සහ ප්‍රතිකාර කිරීම ඇරඹිණි. එම ස්ථානයේදී ලබා දුන් මූලික ප්‍රතිකාරවලින් පසුව, කළ කළු කොටියා උඩවලව ඇත් අතුරු සෙවණට ගෙනයාමට තීරණය කෙරිණ. ඒ ප්‍රතිකාර ලබාදීමෙන් පසු කොටියා නැවත වනයට මුදාහැරීමේ බලාපොරොත්තු ඇතිවය.

නිර්වින්දනය කිරීමෙන් පසුව කළු කොටියා මද්දෙන් මුදා ගැනීමේදී නැට්ටෙන් අල්ලා ඇදීම වැනි ක්‍රියා නිසා මෙම මුදාගැනීමේ ක්‍රියාවලිය නිසි ආකාරයකට සිදු නොවු බවටත්, නල්ලතන්නියට වඩා පාරිසරිකව වෙනස්, දුරකින් පිහිටි උඩවලවට කළු කොටියා ප්‍රතිකාර සදහා ගෙනයාම ස්ථානෝචිත නොවන බවත් පරිසරවේදීහු පෙන්වා දුන්හ.

ඒ කෙසේ වෙතත්, එදින රාත්‍රියේ රටටම අසන්නට ලැබුණු සතුටුදායක පුවත  වුයේ කළු කොටියා ප්‍රකෘතියෙන් පසුවන බවයි. ඒ අනුව කළු කොටියා සුවවීමේ ප්‍රීතිය සත්ත්වලෝලීන් අතර වේගයෙන් පැතිර ගියේය. 

කළු කොටියා බේරා ගැනීම නිශ්ඵල වු ඇත් අතුරු සෙවණේ මෙහෙයුම 

සමාජ මාධ්‍ය සටහනකට අනුව, කළු කොටියා වතුර බීමට පටන් ගැනීම පවා පශුවෛද්‍ය මාලක අබේවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායමේ ප්‍රීතිය ඉහවහා යාමට කරුණක් වී තිබිණි. 

‘අන්න වතුර බොන්න පටන් ගත්තා!’, මාලකට එකවරම කෑ ගැසුණේය. සිරිපා වනබිම රජ කළ ඒ දැවැන්තයා ඉතා අපහසුවෙන් වතුර බොමින් සිටියේය. ‘ඔය ගෙනාවට පස්සෙ වතුර බොන දෙවෙනි පාර.’ පශුවෛද්‍ය මාලක නැවතත් නිහඬතාව බිදිමින් එතැනි සිටි අයෙකුට කීවේය.

මුදාගත් පසු දෙවැනි දින ලබා ලබාදුන් මස් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් කොටියා ආහාරයට ගත් බව පශුවෛද්‍ය මාලක අබේවර්ධන පවසයි.  කොටියා දිනෙන් දින සුව වෙනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝය. නමුත් තෙවැනි දිනය වෙන විට කළු කොටියා පැත්ත වැටී සිටියේය.

කෙසේ වුවද පේරාදේණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය නෙරංජලා ද සිල්වා සමග පශුවෛද්‍යවරුන්වන අකලංක පිණිදිය, ශෂිකලා ගමගේ, කලනි සමරකෝන්, තාරක ප්‍රසාද් ඇතුළු කණ්ඩායම මෙම උත්සාහය අත්නොහැර කළු කොටියා බේරා ගැනීමට උත්සාහ දැරූහ.

මද්දට අසුවීමෙන් සහ ඉන් අනතුරුව කටේ සහ සමේ ඇතිවු තුවාලයන්ට අමතරව කළු කොටියාගේ මීට පෙර සිදුවු තුවාල දෙකකුත් තිබුණා යැයි පශුවෛද්‍ය මාලක අබේවර්ධන පැවැසීය. 

කළු කොටියා මද්ද සමග කණ්ඩියෙන් පහළට වැටීමේදී බෙල්ල තැලීම, මොළයට හා ස්වාසනාලයට හානි වී තිබු බව පශු වෛද්‍ය මාලක අබේවර්ධන පවසයි.

කළු කොටියාගේ අවසන් මොහොත 

2020 මැයි 29 වැනිදා උදෑසන 10.30ට පමණ අවසන් හුස්ම වාතලයට මුසු කළ කළු කොටියා, තවත් බොහෝ  සතුන්ට අත්ව ඇති ඉරණම ලෝකය හමුවේ තබමින් නික්ම ගියේය. මාධ්‍ය වාර්තා අනුව, මෙසේ නික්ම ගියේ කැමරාවක සටහන්වී සිය වර්ගය පිළිබඳව බලාපොරොත්තුවක් ලෝකය හමුවේ තැබු ශ්‍රිපාද වනබිම සැරිසැරූ කළු කොටියාය.

පරිසරවේදීන්ගේ අදහස් හා යෝජනා

කොටියා ආරක්ෂිත සත්ත්වයෙක්. වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥාපනතේ 30 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය අනුව එවන් සතෙකු අල්ලා ගැනීම, තුවාල කිරීම, මරණයට පත්කිරීම වරදක්. ඒ නිසා ඉදිරියේදී අවශ්‍ය නීතිමය මැදිහත්වීම් සිදුකිරීමට අප සුදානම් යැයි  නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

එමෙන්ම විශේෂ වනජීවී බුද්ධි ඒකකයක් ස්ථාපිත කොට වරදකරුවන් අත්අඩංගුවට ගැනීම සහ නූතන තාක්ෂණික ප්‍රවේශයක් ගැනීම පිළිබදව පරිසරවේදීහු මේ වනවිටත් අදහස් දක්වා තිබේ. කඳුකරයේ වාර්තාවන කොටින්ට සබැදි අනතුරු ඉහළයන නිසා, ඒ ප්‍රදේශයේ ක්ෂණික මුදාගැනීම් මෙහෙයුම් සිදුකළ හැකි වනජීවී සංරක්ෂණ කණ්ඩායමක් ස්ථාපිත කළ යුතුව ඇතැයි ස්ලයිකැන් භාරයේ උපදේශිකා පශුවෛද්‍ය දීපානි ජයන්තා මෙනවිය පැවසුවාය.

කළු කොටියා මියයෑම ඇතුළු වනජීවින් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ වොසිතා විජේනායක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.

‘දඩයම් කිරීමේ සිද්ධීන්වල සිට කළු කොටියාගේ මරණය දක්වා ශ්‍රී ලංකාවේ වන ජීවීන්ට ඇති තර්ජන බොහෝමයකි. ඒ නිසා වනජීවීන් ආරක්ෂා කිරීමට අදාළ නීති බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙවැනි සිදුවීම් ඔස්සේ නැවත නැවත  අවධාරණය වන්නක්. දඩයම්කරුවකුගේ මද්දකට බිලිවු මෙම කළු කොටියාත්, මෑත කාලයේ දඩයම්කරුවකුගේ වෙඩි තැබීමකට ලක්ව මියගිය වනජීවි නිලධාරියාත් දෙස බැලුවිට පෙනීයන්නේ මෙම තත්ත්වය තුළ අවශ්‍ය අවස්ථාවල දී අදාළ බලධාරීන්ට ගැටළු විසඳීම සඳහා ඕනෑකරන විවිධ සහය ලබාදීම අප විසින් සහතික කළ යුතු බවයි. මීට අමතරව මහජනයා අතර දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන අතර එමඟින් අපගේ වනජීවීන් මෙවැනි කුරිරු මරණ වලින් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා’ යැයි ඇය විශ්වාසය පළ කළාය.

අධිකරණ ක්‍රියාමාර්ගය

එළවළු කොරටුවේ මද්ද තැබු බවට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් කොරටු හිමියාට මේ වනවිට ඇප ලැබී තිබේ. මේ අතර මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශුවෛද්‍ය පීඨයේදී සිදු කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ සඳහා මිය ගිය කළු කොටියාගේ දේහය මැයි 29 වැනිදා පස්වරුවේ උඩවලවේ සිට පේරාදෙණියට රැගෙන ගිය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිලධාරිනී හෂිනි සරත්චන්ද්‍ර මෙනවිය පැවසුවාය.

වන සතෙකු මියගිය විට පශ්චාත් මරණ පරීක්ෂණය සාමාන්‍යයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍යවරු විසින් සිදු කළද, බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති කළු කොටියාගේ මරණ පරීක්ෂණය මෙසේ පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේදී පැවැත්වීමට  අවසර දෙන මෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ටද ජීවත්වීමේ අයිතිය පොදුය. දුර්ලභ කළු කොටියා පමණක් නොව සුලබ සත්ත්වයකුවුවද රැක ගැනීම මිනිසත්කම විය යුතුය. අප සොයා යා යුත්තේ එයයි. ඒසේ නොවන්නට, අහිමිවන කළු කොටි ගණන් කරමින් සිටිනවා හැර වෙනයමක් ඉතිරිවන්නේ නැත.

රමේෂ් වරල්ලෙගම 

වෙසක් දින සුනඛයකුට වෙඩි තැබු තිරිසන් කතාව

වෙසක් පොහොය දිනයේ අසන්නට ලැබුණු හද කම්පා කරන සිදුවීමක් මීගමුව පෙරියමුල්ලෙන් අසන්නට ලැබිණි. තෙමගුල සිහිවන වෙසක් දිනය උදාවී හෝරා කිහිපයක් ගතවන තැන අසන්නට ලැබුණු මෙම පුවත බොහෝ දෙනෙකුගේ හදවත සිදුර කළ හී සරක් මෙන් නෙතට කදුලක් එක් කළේය. 

ශාන්ත අන්තෝනි පාරේ පිහිටි බ්‍රිටෝ ප්‍රනාන්දුගේ නිවසේ සිටි මැක්ස් සුනඛයාට ඉවසිල්ලක් නැතිව සිටියේ නිවසේ ගේට්ටුවෙන් මදක් ඇවිද ගොස් නැවත නිවසට පැමිණීමේ ප්‍රීතිය සැමරීමයි. උදෑසන 6.10 ට පමණ සුරතලයට නිවසේ හැදී වැඩෙන සුනඛයාගේ ඉල්ලීමට පිටින් යාමට බ්‍රිටෝ ප්‍රනාන්දුට නොහැකි විය. එසේ පෙරත්තට ඉඩ දුන් පසු සිදුවුයේ කුමක්දැයි බ්‍රිටෝ ප්‍රනාන්දුම මාධ්‍යට පවසා තිබුණේය.

මේ බල්ලා හැමදාම මම ලගට ඇවිත් උදේට කෙදිරිගානව එයාව එළියට යවන්න කියල . අපි සාමාන්‍යයෙන් මේ දවස්වල යවන්නේ නැ . ගෙදර දුවලත් කියනවා යවන්න එපා කියල. මට කරදර කරල ඌ ගේට්ටුව ලගට ගිහින් හිටියා මම එනකම් ගේට්ටුව අරින්න . මම එත් කියලත් ඇරියේ විනාඩි 5 ක් දෙන්නනම් ඉක්මන් එන්න ඕනා කියල.යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

වසර 11ක් තිස්සේ සුරතලකු ලෙස නිවසේ ආදරය දිනු මැක්ස්, අවසන් වරටද ඒ ආදරය වින්දේ නිවසෙන් පිටතට යාමට තිබු විවිධ බාධක ආදරයේ නාමයෙන් ඉවත් කරවා ගනිමිනි. නමුත් නිමේශයකින් සිදුවුයේ කිසිවෙකුත් නොහිතන අපරාධයකි.

සුනඛයා තිරිසනෙකු නිසා, ඌටද මේ ගමනේ පරත් තෙරක් නැතිවුයේය. මිටින් හල කුරුල්ලකු මෙන් ගේට්ටුවෙන් පිටතට පැනගත් සුනඛයා අන්තෝනිපාරේ ඉදිරියට ඇදුනේය.

ඌ ගිහින් විනාඩි 10 ක් විතර යද්දි මට වෙඩි සද්දයක් ඇහුනා මම හිතුවා බල්ලට කරදයක්ද කියල මම ඉක්මනට පාරට ඇවිත් බලනකොටත් ඌ ලේ පෙරාගෙන ඇවිත් අපේ ගේ ඉස්සර ඇදගෙන වැටුනා මම උස්සල අතට ගත්තා මගේ අත ලෙවකාල තමයි උගේ පණගියේ යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවැසුවේ දරාගත නොහැකි ශෝකයෙනි.

තිරිසන් සතෙකුට වෙඩි තබා ඝාතනය කරන තැනක, මිනිසෙකුට ලැබෙන වටිනාකම් ගැන කවර කතාවක්ද ? කොතරම් ගැටලු තිබුණත්, බොහෝ දේ සාකච්ඡාවෙන් විසදා ගත හැකිව තිබියදී මෙම පාපතර ක්‍රියාවට මුල පුරා තිබුණේ සමාජයේ කුමන තක්සේරුවක් නිසාදැයි කීමට නොහැකිය.

ශ්‍රි ලංකාව වසර ගණනාවක් තිස්සේ සත්ත්ව සුබ සාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්නැයි ඉල්ලමින් කල් ගෙවන රටකි. එසේම සත්ත්ව සුබ සාධන පනත බලාත්මකව වන්නේ කවදාදැයි විමසුවද ආණ්ඩුවෙන් ආණ්ඩුවට විසදුමක් නොමැතිව මේ දක්වාම තට්ටු මාරුවන පිළිවෙතක කල් ගෙවන රටකි.

කෙසේ වෙතත් 119 ඇමතුමට අනුව මීගමුව පොලිසිය මෙම සිද්ධිය වු වහාම ක්‍රියාත්මක වී තිබේ. ඒ සුනඛයා මරා දැමුවායැයි චෝදනාව ශා. අන්තොනි පාරේ අංක 70 නිවසේ වෙසෙන විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු කෙරෙහි චෝදනා එල්ල වී තිබියදීය. පුද්ගල ක්‍රියාවකට ඇතැම්විට එක් දෙපාර්තමේන්තුවක් කෙරෙහි වෛරයකින් බැලිය යුතු නොවන බවට කදිම හැසිරීම එයවේ.

එතැනින් එපිටට ගිය විට කොවිඩ්-19 වසංගතය හමුවේ මහ මග අසරණ වු සුනඛයන් ඇතුළු සුරතල් සතුන් දහස් ගණනට සිය අහාරවේලෙන් කොටසක් දීමට,පොලිසිය පමණක් නොව අදාල මෙහෙයුමට එක්ව සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතමෙකු පෙරමුණ ගත් බව නොරහසකි. ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු  ඇදිරිය ලිහිල් කළ බලපත්‍ර මුදාහැර සුරතල් සතුන්ට අහාර පාන ලබාදීමේ ඉඩ ප්‍රස්ථාව සත්ත්ව ලෝලීන්ට ලබා දී තිබිණි. 

මේ අතර පසුගිය 07 වැනිදා අදාල සුනඛයා ඝාතනය කළ බවට චෝදනා එල්ල වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්ලෙමන් සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මීගමුව පොලිසිය සදහන් කරයි.

චෝදනා ලැබු පාර්ශවයෙන් පොලිසියට පවසා තිබුණේ අදාල සුනඛයා දෛනිකව සිය නිවස ඉදිරිපිටට පැමිණ මළ පහ කිරීම සම්බන්ධයෙන් උරණව සිටි බවයි. වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම කළ බව විශ්‍රාමික පොලිස් නිලධාරියා පැවැසු බව මීගමුව පොලිසිය සදහන් කරයි.

මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු අදාල සැකකරු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ. ලබන 20 වැනිදා නැවතත් මෙම නඩු විභාගය කැදවීමට නියමිතව තිබේ. 

මෙම අවනඩුව විසදීම දැන් අධිකරණයට භාරය. නමුත් සත්ත්වලොලීන්ගේ පැත්තෙන් නම් මෙම අවනඩුව විසදෙන්නේ කවදාදැයි ගැටලුවකි.ඒ මෙවැනි එක් සිදුවීමක් නිසා නොව කාලාන්තරයක් තිස්සේ සිදුවන මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට නීතිමය ප්‍රතිපාදන තවමත් සීමා සහිත බැවිනි. 

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත හිරවී ඇති ලාච්චුවෙන් දැන් වත් එළියට ගත යුතු නොවේද ?

රමේෂ් වරල්ලෙගම 

වනදිවි රකින්නට ජීවිතය පරදුවට තැබූ වනසත්ව අඩවි ආරක්ෂකවරයා …

ලෝකයේ ජෛවවිවිධත්වයෙන් අග තැම්පත් රටවල් අතර ඉහළින්ම සිටින ශ්‍රී ලංකාව ඒ හේතුවෙන්ම වනජීවී ජාවාරමේ ද කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බව නැවත නැවත්ත කිවයුතු නැත. දේශසීමා හරහා මෙන්ම රට තුල සිදුවන වනජීවී ජාවාරම් හරහාද වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමිවන වනජීවී සම්පත් ප්‍රමාණය සුළුපටු නැත. ඇත් දළ ලබාගැනීම සඳහා සිදුකරන හස්ති ඝාතන වල සිට, වනාන්තර වල ජීවත්වන මව් සතුන් ඝාතනය කර අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ සිට, ජාන මංකොල්ලය සඳහා වනජීවීන්ගේ පටක කොටස් පැහැරගැනීම දක්වා ඉතා පුළුල් පරාසයක පැතිරුණු මෙම වනජීවී ජාවාරම් මැඩලීම සඳහා අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වගකිවයුත්තන් අපොහොසත්වීම තුල වනජීවීන් ගෙන් ඔබ්බට ගොස් වනජීවී සංරක්ෂණ නිලධාරීන් ඝාතනය දක්වාද අද වනවිට මෙරට වනජීවී ජාවාරම ඔඩුදුවා තිබීම කණගාටුවට කරුණකි.

ගල්ඔය ජාතික උද්‍යානය තුල වනජීවී ජාවාරම්කරුවන් පිරිසක් වැටලීම සඳහා ගොස් සිටියදී එම ජාවාරම්කරුවන් විසින් එල්ලකළ වෙඩි පහරකට ලක්ව මුල්ලේගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට අනියුක්තව සේවය කල වනසත්ව අඩවි ආරක්ෂක ඒ. එම්. එස්. පී. බණ්ඩාර මරණයට පත්වීම එහි ආසන්නතම සිදුවීම ලෙස හැඳින්විය හැකිය. මේ දිනවල රට තුල ක්‍රියාත්මක ඇඳිරිනීති සමයේ වනජීවී අපරාධ මැඩලීම සඳහා ප්‍රාදේශීය වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ඒ යටතේ ගල්ඔය ජාතික උද්‍යානයේ වැටලීමක් සිදුකිරීම සඳහා ගිය වනජීවී නිලධාරීන් පිරිසකට ඉකුත් 23 වැනිදා අළුයම් කාලයේ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වාර්තාවන අන්දමට එම අවස්ථාවේ දී වනජීවී නිලධාරීන් විසින් දඩයක්කරැවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර තවත් පිරිසක් කැලය තුළ සැගවි සිට වෙඩි තැබීම සිදුකර තිබේ. මොණරාගල, බුද්දම, කුකුල්ලංමුල්ල හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි බණ්ඩාර මහතා 25ස් හැවිරිදි අවිවාහකයෙකි.  

පසුගියදා ඝාතනයට ලක්වූ වනසත්ව අඩවි ආරක්ෂක ඒ. එම්. එස්. පී. බණ්ඩාර තරුණ මහතා (ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිණි) 

මෙම මස මුලදීද ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුලදී වනජීවී නිලධාරීන් සහ ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබු අතර එහිදී තුවාල ලැබූ සැකකරුවෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. පසුගිය සමයේ විශාල වශයෙන් වනජීවී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට නැතුව තිබූ මෙම ජාතික උද්‍යානයේ වනජීවී ජාවාරම් මැඩලීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස සිදුකළ වැටලීමක් අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

මිත්‍යා මතවාදයන් සහ පුහු ආටෝප මත පදනම්ව වනජීවීන් සහ ඔවුන්ගේ කොටස් සඳහා ලොව පුරා ඇතිවී ඇති විශාල ඉල්ලුම හේතුවෙන් වනජීවී ජාවාරම විශාල ලාභ ලැබිය හැකි ධනෝපායන මාර්ගයක් බවට පත්ව ඇත්තේ බොහෝ කලක සිටය. වඳවීමේ තර්ජනයට උග්‍ර ලෙස ලක්ව ඇති දුර්ලභ වනජීවීන් සඳහා මෙම ජාවාරමේ වැඩි ඉඩක් ලැබී ඇත. ඇත් දළ, කොටි හම්, කබල්ලෑ පොතු ආදී සත්ව කොටස් මෙන්ම සජීවී සතුන් සහ ශාඛද මෙසේ ලොව පුරා ජාවාරම් කිරීම සිදුවේ. දිවයිනේද වනාන්තර තුල දඩමස් ජාවාරමේ සිට විවිධ මට්ටමේ වනජීවී ජාවාරම් වාර්තාවන අතර වන අලි පැටවුන් ජාවාරම එහි උච්චතම අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. තවද මෙරටට ආවේණික මසුන් සහ උරගයන් වැනි සතුන් සුරතල් සතුන් ලෙස අපනයයන කිරීමේ කුප්‍රකට ව්‍යාපෘතිද දේශසීමා හරහා ක්‍රියාත්මකවන බවට විවිධ අවස්ථාවල තොරතුරු ලැබී ඇත. එසේම ගෝලීය වනජීවී ජාවාරම් ක්‍රියාත්මකවන මාර්ගයේ මධ්‍යගතව පිහිටීම නිසා ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළ හරහා සිදුවන වනජීවී ජාවාරම් වලට නිදසුනක් ලෙස 2012 වර්ෂයේ ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද අප්‍රිකානු ඇත්දළ තොගය හැඳින්විය හැකිය.

ප්‍රාදේශීය මට්ටමේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදමින් දැඩි කැපවීමෙන් යුතුව වනජීවී ජාවාරම් මැඩලීම සඳහා කටයුතු කලද ඔවුන් රාජකාරි සිදුකරණු ලබන්නේ ගැටළු රැසක් මධ්‍යයේ බව අප අවධාරණය කල යුතුය. එවැනි පසුබිමක වනජීවී අපරාධකරුවන් සමග සටන් කිරීමට නිලධාරීන්ට සිදුව ඇත්තේ වෘත්තීය ගැටළු රැසක් සමග පොරබදින අතර තුර වීම කණගාටුවට කරුණකි. තිස් වසරක යුද්ධය නිමාවට පත්වීමත් සමග තම ජීවිත දැඩි අවධානමක හෙලාගනිමින් මෙරට තුල සේවය කරන රජයේ සේවකයින් අතර ඉහළින්ම සිටින්නේ වනජීවී සංරක්ෂණ නිලධාරීන් බව අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දැන්වත් රජය කඩිනමින් ක්‍රියා කළයුතුය. නොඑසේනම් මෙරටට හිමි සොබාදහමේ අමිල උරුමයන් සියල්ල මේ මිහිතලයෙන් සදහටම සමුගෙන යන දිනය වැඩි ඈතක නොවේ.

සුපුන් ළහිරු ප්‍රකාශ්

දඩයක්කරුවන්ගේ වර මන්දට බිලිවූ නල්ලතන්නියේ කොටි දෙන

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත වනාන්තර නිවහන කරගනිමින් ජීවත්වන බිළාල පවුලේ විශාලතම සාමාජිකයා වන කොටියා සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම අසන්න ලැබුණේ සතුටුදායක ප්‍රවෘත්ති නොවේ. දඩයක්කරුවන් විසින් විවිධ ක්‍රම මගින් එම සතුන් ඝාතනය කිරීම් සහ සත්ව කොටස් ලබාගැනීම පිළිබඳ සිද්ධීන් ගණනාවක් ඒ අතර විය. එසේම වෙනත් සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් ඇටවූ මදු වලට හසුවීම නිසා ද අසරණභාවයට පත් කොටින් පිළිබඳව වාර්තාවූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් වනජීවී නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් දිවි බේරා ගත්තද තවත් පිරිසක් අතිශය වේදනාත්මක මරණයකට ගොදුරුවිය. මෙම ශෝකාන්තයේ ආසන්නතම බිල්ල පිළිබඳව අපට අසන්නට ලැබෙන්නේ මස්කෙළිය ප්‍රදේශයෙනි.

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් තේ වත්තේ දඹේතැන්න කොටසේ එළවළු වගා භූමියක වල් ඌරන් දඩයම් කිරීමට අටවා තිබූ උගුලකට කඳුකර කොටියෙකු හසු වී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය. කොටියා සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරීවරයා විසින් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව පසුදා එනම් 18 දින කොටියා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පලාත භාර පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුලු කාර්යමණ්ඩලය සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් කටයුතු කෙරිණි. 

වයස අවුරුදු 04 ක් පමණ වූ මෙම කොටියා ගැහැණු සත්වයෙකු වන අතර දිගින් අඩි 05 ක් පමණ විය. දඩයක්කරුවන් විසින් අටවා තිබූ කම්බි මදුවට කොටි ධේනුව හසුව තිබුණේ 17 වැනිදා අළුයම් කාලයේය. වතු කම්කරුවන් එම සත්වයාට බිය වී පහරදීමට උත්සාහ කිරීමේදී කොටියා අසල පිහිටි ගසක අඩි 20 ක් පමණ උස දෙබලකට නැග ඇත. කම්බි මද්ද සවිකර තිබූ දිග ලී කැබැල්ල සමග කොටි ධේනුව ගසට නැග ඇති අතර එම ලීය ගසේ දෙබලක සිරවීම නිසා නැවත ගසෙන් බැසීමට නොහැකිව පැය ගණනාවක් කොටියා ගස උඩ සිරවී සිට තිබූ අතර ඒ හේතුවෙන් සත්වයාගේ ඉණ ප්‍රදේශය කම්බියට කැපී දරුණු ලෙස තුවාල වී තිබුණි. නිර්වින්දන එන්නතක් ශරීරගත කිරීමෙන් පසු වනජීවී නිලධාරීන් දැඩි අවධානමක් ගෙන ගසට නැග රැහැන් ගලවා කොටියා ගසෙන් බිමට රැගෙන මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතුකළ නමුත් ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යාමේදී එම සත්වයා සදහටම දෙනෙත් පියා ගත්තේය.

විද්‍යාත්මකව Panthera pardus kotiya යන නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටි උප විශේෂය මෙරටට ආවේණික වන අතර වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව විශේෂයක් වශයෙන් ලෝක සංරක්ෂණ සංගමය මගින් රතු දත්ත ලේඛණයට ඇතුලත්කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොටියන් ප්‍රමාණය 700 – 950 පමණ වන බව ගණනය කර ඇති අතර ඔවුන්ගෙන් 650 ක් පමණ රක්ෂිත ප්‍රදේශ තුලද 150 කට වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශ වලින් බැහැරවද ජීවත්වන බව ලෝක සංරක්ෂණ සංගමයේ බිළාලයින් පිළිබඳ විශේෂඥ කමිටුව (IUCN/SSC Cat Specialist Group) සඳහන් කරයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙරට කොටින්ට ඇති බරපලතම තර්ජන සත්ව කොටස් ලබාගැනීම සඳහා දඩයම් කිරීම සහ මිනිස් – කොටි ගැටුම බවයි.

වාර්ෂිකව දිවයිනේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ වලින් මේ ආකාරයේ කොටි මරණ සැළකියයුතු ප්‍රමාණයක් වාර්තාවන අතර වාර්තා නොවන ප්‍රමාණය ඊට වඩා විශාල විය හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි. විශේෂයෙන් මදු වලට හසුවූ කොටින් බේරා ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා කටයුතු කලද ඒ වන විටත් ඉණ ප්‍රදේශටය මද්ද දැඩි ලෙස තදවීම නිසා අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට දරුණු ලෙස හානි සිදුවීමෙන් එම සතුන් මරණයට පත්වූ අවස්ථා රැසක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවට හිමි ඉතා වටිනා දුර්ලභ වනජීවී සම්පතක් ලෙස කොටියා හැඳින්විය හැකි නමුත් විවිධ හේතු නිසා එම සතුන් අකාලයේ මරණයට පත්වීම කණගාටුදායක කරුණකි. සත්ව කොටස් ජාවාරමේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇති කොටින් සම්, දත්, නිය, සහ මාංශ ලබා ගැනීම සඳහා මරා දැමීම ශ්‍රී ලංකාවේ කොටින්ට ඇති ප්‍රධාන තර්ජන අතරින් එකකි. තවද කොටින් ජීවත්වන වනාන්තර වල ජීවත්වෙන ඔවුන්ගේ ගොදුරු සතුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා ඔවුන්ට තම වාසභූමි වලින් ප්‍රමාණවත් තරම් ගොදුරු සපයා ගැනීමට නොහැකි වීමෙන් එම සතුන් මිනිස් ජනාවාස වෙත සංක්‍රමණය වීම සිදුවේ. එහිදී බල්ලන් වැනි සතුන් පහසුවෙන් ගොදුරුකර ගැනීමට ඇති හැකියාව මීට තවත් විශාල බලපෑමක් සිදුකරයි. එසේම තේ වැනි වගාවන් සඳහා කොටින් ජීවත්වූ වනාන්තර ප්‍රදේශ හෙළිපෙහෙලි කිරීම සහ මිනිස් ජනාවාස ව්‍යාප්ත වීමද නිසා එම සතුන්ගේ වාසභූමි ප්‍රමාණාත්මකව කුඩා වීමෙන් ඔවුන් සහ මිනිසුන් අතර ගැටුම් ඇතිවේ. කොටින්ගේ හැසිරීම් පිළිබඳව නිසි අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාව එම සතුන් පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීම සහ ඇතැම් ජනමාධ්‍ය මගින් කොටින් සම්බන්ධයෙන් පදනම් විරහිත සහ බිය උපදවන සුළු වාර්තා පලකිරීම නිසා මිනිසුන් කොටින් මරා දැමීමට උත්සාහ දැරූ අවස්ථාද වාර්තාවී ඇත. එසේම මෙහි කතානායිකාව මෙන් වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා අටවන මදු වලට පැටලීමෙන්ද කොටින් මරණයට පත්වේ.  

ශ්‍රී ලංකාවේ ජීවත්වන කොටියා දැඩි ආරක්ෂිත සත්වයෙකු වන අතර 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව තුරුලතා ආඥා පනතට අනුව කොටියකු මරණයට තැත් කිරීම, ඒ සඳහා උගුල් ඇටවීම, ඝාතනය කළ සතාගේ ශරීර කොටස් ළඟ තබාගැනීම, දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙස වරදකරුවකු වන අයකු රැපියල් 30,000 සිට 1,000,000 දක්වා දඩයකට යටත් කිරීමට, වසර 2කට නොඅඩු වසර 6කට නොවැඩි සිර දඬුවමකට යටත් කිරීමට හෝ එසේත් නොමැතිනම් මෙම දඬුවම් දෙකටම යටත් කිරීමට අධිකරණයට බලය ඇත. නමුත් එම නීතිය බලාත්මක කරන වනජීවී නිලධාරීන් මුහුණදී ඇති ගැටළු සහ සම්පත් හිඟ කම කොටින් සංරක්ෂණයට බාධාවක් වී ඇත. උදාහරණයක් වශයෙන් දිවයිනේ මධ්‍යම කඳුකරය ආවරණය කිරීම සඳහා පිහිටුවා ඇත්තේ ඉතා සීමිත වනජීවී සංරක්ෂණ කාර්යාල සංඛ්‍යාවක් වන අතර එහි සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාවද සුළු පිරිසකි. එවැනි තත්ත්වය තුල මදු ඇටවීම වැලැක්වීම සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග, හා කොටින් සම්බන්ධයෙන් ජනතාව තුල ඇති අනියත බිය දුරුකිරීම සඳහා ඔවුන් දැනුම්වත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවී ඇත. මෙවැනි තත්ත්වයක් තුල ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ කොටි සම්පත රටට අහිමිවීම වැලැක්වීම සඳහා වනජීවී සරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, වතු සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ජනමාධ්‍ය, සහ ප්‍රජාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් සහ අවංක කැපවීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. 

ඡායාරූප අයිතිය 

සුපුන් ළහිරු ප්‍රකාශ්

බලු පැටව් පොළොවෙ ගසා මරද්දී සත්ත්ව සුබසාධන පනතට බාලගිරි

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට බොහෝ දෙනෙක් උනන්දු වෙති. එසේ වුවද අදාල කෙටුම්පතට සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව දන්නේ කවුරුන්ද ? ඊට විමසිලිමත්වත්වන්නෝ බොහෝය. නමුත් ඔවුන්ගේ උනන්දුවේ තරමටවත් පසුගිය කාලයේ ඊට සාධාරණයක් සිදුවූයේ දැයි විමසා බැලිය යුතුය.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පතේ මෑත කාලීන දිග හැරුම  වසර පහළොවකටත් වැඩි අතීතයක් කරා දිව යයි. විවිධ මට්ටමෙන් වාචිකව සන්නිවේදනය වෙමින් තිබු මෙම සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත යම් ඉදිරි පිම්මක් තැබුවේ 2015 වසරේදී සිදු කළ මහජන මත විමසීම හරහාය.

2016 ජනවාරි 13 වැනිදා ඊට කැබිනට් අනුමැතිය ලද බවට විවිධ ස්ථිරවල කතාබහ වෙයි. ඉන් සිදුව ඇත්තේ සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පතක නව අවශ්‍යතාව සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබුණු බවයි. ඇතැම්විට මෙම කාරණාව එවකට සමාජගත වුයේ සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම එමගින් සිදුවුවා යැයි හැගෙන පරිදිය. නමුත් සිදුවුයේ වෙනකකි.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් එය පනතක් ලෙස සම්මත වීම දක්වා ක්‍රියාවලියේ, නීති කෙටුම්පත් කාර්ය ඉදිරියට ගෙනයාමට පමණක් අදාල කැබිනට් අනුමැතිය නෛතික පිළිගැනීමකට ලක්වී තිබිණි.

රජය සත්ත්ව සුබ සාධණ පනත් කෙටුම්පත පිළිගත්තාය යන්න නිල වශයෙන්  පිළිගැණුනද ? එය නීතියක් දක්වා ගෙනයාමේ අති දුෂ්කර කාර්යට රාජ්‍ය මට්ටමෙන් ලැබුණේද ? ලැබෙමින් පවතිනුයේ ද ?  එතැන් සිට මන්දගාමී ප්‍රතිචාරයකි.

1907 සත්ත්ව හිංසනය වැළැක්වීමේ ආඥා පනත ඔස්සේ  සත්ත්ව සුබසාධනය පිළිබදව කරුණු අන්තර්ගත කළද, සත්ත්ව හිංසනය පිළිබද නීතිය අවසන්වරට සංශෝධනය වුයේ 1955දීය. ඒ අනුව ගත් කලද වසර 65ක් තිස්සේ මෙම නීති සංශෝධනය වීමක් සිදුව නැත. 

2010 වසරේදී අතුරලියේ රතන හිමි පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ද,පාර්ලිමේන්තු  න්‍යාය පුස්තකයට සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත ඉදිරිපත් නොවුයේ එය අවසන් කෙටුම්පතක් ලෙස නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ ආදාල අමාත්‍යංශ මැදිහත්වීම ඔස්සේ පාර්ලිමේන්තුවට නෛතික ක්‍රමවේදය ඔස්සේ අවසන් වශයෙන් ඉදිරිපත් නොවීම නිසාය. 

ඇත්තටම සිදුවුයේ කලින් කලට විෂයභාර  අමාත්‍යංශය සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව අතර  සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත දෝලනය වීමයි. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නීති සකස් කිරීමේ ක්‍රියාවලිය පිරික්සා බැලීමේදී මේ පිළිබදව පුළුල් අදහසක් ලබාගත හැකිය. 

අදාල නෛතික ක්‍රියාවලියේ සිදුවන පහත සදහන් ක්‍රියාවලියන් සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත වෙනුවෙන් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව ඔබට වටහා ගත හැකිය.

අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයෙහි පළ කිරීම අනුමත කරනු ලැබු විට, අමාත්‍යාංශය විසින් පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් ම රජයේ මුද්‍රණාලයාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය. පනත් කෙටුම්පත පළමුවෙන්ම රජයේ ගැසට් පත්‍රයෙහි අතිරේකයක් ලෙසින් පළ කරනු ලබන අතර, භාෂාත්‍රයෙන් මුද්‍රණය කරනු ලැබූ කෙටුම්පත අවසන් සෝදුපත් කියවීම සහ අනුමැතිය සඳහා මුද්‍රණාලයාධිපති විසින් නීති කෙටුම්පත් සම්පාදක වෙත යවනු ලැබේ.

පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර එය පළ කරනු ලැබූ දිනයෙන් දින 14 ක් ඉකුත් වීමෙන් පසුව, එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු ය. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් (පළමුවර කියවීමෙන්) පසුව පාර්ලිමේන්තුව විසින් එය පනත් කෙටුම්පතක ස්වරූපයෙන් මුද්‍රණය කරන මෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නියම කරමින් එයට අංකයක් ලබාදෙනු ඇත.

පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබූ විට එය දෙවැනි වර කියවීමේ විවාදය සඳහා දිනයක් (පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින හතකට කලින් නොවන දිනයක්) නියම කරනු ලැබේ. එම කාලසීමාව ලබා දී ඇත්තේ යම් පුරවැසියකුට එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සඳහා ය. විවාදයට භාජනය කෙරෙන කරුණු සම්බන්ධයෙන් පැන නගින යම් වෙනස් කිරීම් කාරක සභා අවස්ථා සංශෝධන මාර්ගයෙන් සිදු කරනු ලැබිය හැක්කේ දෙවැනි වර කියැවීමෙන් පසුව පැවැත්වෙන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ දී ය. අමාත්‍ය මණ්ඩලය විසින් මුල් අවස්ථාවේ දී අනුමත කරනු ලැබූ ප්‍රතිපත්තියට බැහැරව අලුතින් කිසිදු කරුණක් කාරක සභා අවස්ථා සංශෝධන මාර්ගයෙන් ඇතුළත් කරනු නොලැබිය යුතු ය.

සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මතවීම සදහා අවශ්‍ය ඉහත කාරණා මේ දක්වා ඉටුවී නොමැත. 

ඒ නිසා, පාර්ලිමේන්තුවේ හමස් පෙට්ටියේ තබා ඇති සත්ත්ව සුබ සාධන පනතක් නැත. ඇත්තටම සිදුව ඇත්තේ අමාත්‍යංශ මට්ටමෙන් ඊට ලැබෙන නිද්‍රාශීලි ප්‍රතිපත්තියයි. කලෙන් කලට අමාත්‍යංශ හා විෂය පථ පමණක් නොව අමාත්‍යංශ ගොඩනැගිලි මාරුවන අවස්ථාවලදීද සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පතට එය අහිතකර ලෙස බලපා තිබේ.

2017 වසරේදී නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත සංස්කරණවලින් අනතුරුව එවකට විෂය පථය භාර ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයට එය පැවැරුවේය. එතැන් පටන් මේ දැක්වා නැවත නැවතත් සිදුවන්නේ කුමක්ද ? නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ විෂය භාර අමාත්‍යංශය අතර අඩු ලුහුඩු කම් සැකසීමේ ක්‍රියාපටිපාටියයි.

දැනට පවතින තත්ත්වය නම් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙන් මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයට එවැනි යෝජනා ඇතුළත් කොට නැවත යොමුකළ කෙටුම්පත නැවත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට සැකසීම දක්වා වු කාර්ය බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති වෛද්‍ය සෑම් ඩැනියෙල් මහතා පැවැසීය.

මම විශ්‍රාම යාමට පෙර අදාල පනත් කෙටුම්පත අමාත්‍යංශයට යොමු වුවා. නමුත් මැතිවරණ සහ අමාත්‍යංශය ස්ථාපිතව පැවැති ස්ථාන වෙනස්වීම වැනි කාරණා හේතුවෙන් අදාල කටයුතු තවම අවසන් නැති බවයි විශ්වාස කරන්නෙයැයි හෙතම සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් වගකිව යුතු පාර්ශවයකින් අදාල තොරතුරු මුලාශු කර ගැනීමට ගත් උත්සාහය ව්‍යවර්ථ විය.

ජාත්‍යන්තර මානුෂීය සංවිධානය (HSI) සමග එක්ව සත්ත්ව සුබ සාධන එකමුතුව (Animal Welfare Coalition) වසර ගණනාවක් තිස්සේ මෙම පනත් කෙටුම්පත පනතක් දක්වා ගෙනඒමේ අවශ්‍යතාව සමාජගත කරමින් ඊට විවිධ අංශ ඔස්සේ මැදිහත් වෙමින් සිටියි. මේ දක්වාද එම මැදිහත්වීම යාවත්කාලීන කරමින් ඔවුන් විවිධ වැඩසටහන් සංවිධානය කරයි. 

ජාත්‍යන්තර මානුෂීය සංවිධානයේ (HSI) මෙරට ප්‍රධානී නීතිඥ වොසිතා විජේනායක මහත්මියගෙන් අප මේ ගැන විමසා සිටියේය..

සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් තවමත් ක්‍රියාත්මක වන්නේ 1907 තරම් යල් පැනගිය නීතියි. මේ නිසා මහජන අදහස් විමසීමෙන් පසුව සැකසුණු සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත බලාත්මක කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ තදින් දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. දෛනිකව අසන්නට ලැබෙන සත්ත්ව හිංසනයට අදාල විවිධ සිදුවීම් ඊට කදිම උදාහරණ සපයනවා. ඒ නිසා අප රජයෙන් ඉල්ලා සිටින්නෙ සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත හැකි ඉක්මනින් පනතක් ලෙස පාර්ලමේන්තුවේ සම්මත කර,නීතියක් ලෙස බලාත්මක කරන ලෙස යැයි ජාත්‍යන්තර මානුෂීය සංවිධානයේ (HSI) මෙරට ප්‍රධානී නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවසුවාය.

සත්ත්ව සුබ සාධන අධිකාරියක් පිහිටුවීම, සත්ත්ව අයිතිවාසිකම් පිළිබද දැනුවත් කිරීම, සත්ත්වයන් ළග තබාගන්නා පුද්ගලයන්ගේ යුතුකම් සහ දඩුවම්වල ස්වභාවයන් වර්තමානයට ගැලපෙන පරිදි පුළුල්වන මෙම සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පතට මෙතරම් බාලගිරි දෝෂයක් ඇත්තේ ඇයිදැයි යන්න සත්ත්ව හිංසාවට විරුද්ධ සත්ත්ව ලෝලීන්ටත් උභතෝකෝටික ප්‍රශ්නයකි.

මෙම ගැටලුවට විසදුම් සෙවීමට ප්‍රමාද වෙද්දී අපට අසන්නට ලැබුණු සත්ත්ව හිංසනයේ ආසන්නම සිදුවීම වුයේ මීගමුව, මුන්නකරයේ, සිරිවර්ධන පෙදෙසේ කාන්තාවක විසින් මාස හයක රිච්බෑග් බලු පැටියෙකු පොළොවෙ ගසා මරණ ලද බව කියන සිදුවීමකි.

අදාල බලු සුරතලා පසුගිය දිනෙක අසල්වැසි නිවසේ මුළුතැන්ගෙට රිංගා ඇති අතර එහි බීමතින් සිටි කාන්තාව බලු පැටියා ඔසවා පොළොවෙ ගසා ඇති බව කියයි.

මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ප්‍රේමකුමාර (52282) කාන්තා පොලිස් නිලිධාරිනි සංජීවනී (6792) එක්ව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකාරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙවැනි සිද්ධි අරඹයා බලාත්මක විය හැකි සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත මේ දක්වා කෙටුම්පතකට සීමා වී  තිබුණද එය පනතක් ලෙස බලාත්මක කරගන්නා තුරු දැනට පවතින 1907 සත්ත්ව හිංසනය වැළැක්වීමේ ආඥා පනත ඔස්සේද චුදිතයන්ට දඩුවම් ලබාදීමේ හැකියාව තිබේ.

බල්ලෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුට මාස තුනක සිර දඩුවමක් ලබා දුන් අධිකරණ ඉතිහාසය එවැනි සිදුවීම්වල නීතිය බලාත්මක වු අකාරය මොනවට පැහැදිලි කරයි. මේ සියල්ල අතරේ සත්ත්ව සුබ සාධන පනත අද නොවේ හෙට බාලගිරියෙන් මුදාගැනීම ඔබ අප සියලු දෙනාගේ වගකීමය.

රමේෂ් වරල්ලෙගම 

දිවියන් මරා දමමින් අප පිය නගන්නේ කොයිබටද ?

සත්ත්ව වද හිංසා පිළිබදව දිනෙන් දින මතුවන සිද්ධි බොහොමයකි. එක් පැත්තකින් සුරතල් සතුන්ටත් තවත් පැත්තකින් වනජීවින්ටත් එල්ලවන කෲරත්වය හා මරණයන් පිළිබද සමාජ කතිකාවතක් ගොඩනැගීම කාලීන අවශ්‍යතාවයකි.

එක් එක් සිද්ධි අරඹයා කලින් කලට මතුවන අවධානය දිනාගැනීමේ කාර්ය දැන් දෛනික කාර්යක්වන තරමට සිද්ධි වර්තාවීම යම් අභාග්‍යයකි. මෙම තත්ත්වය මගහැරීම සදහා කොතෙකුත් තර්ක විතර්ක ඉදිරිපත්වුවද මෙම සෑම කටයුත්තකම පසුබිම ප්‍රායෝගික තලයෙන් එපිටට පැන තිබීම තවත් ඛේදාන්තයකි.

පසුගිය 31 වැනිදා උඩවලව වනෝද්‍යාන මායිමේදී මරා දමා තිබු දිවියා පිළිබද කතාවත් එවැන්නකි. උඩවලවට තවත් එය විශේෂිත වන්නේ උඩවලව දිවියන් බහුල වනෝද්‍යානයක් නොවීමයි. සමාන්‍යයෙන් උඩවලව වනෝද්‍යානය තුළ ජීවත්වන දිවියන්ගේ සංඛ්‍යාව 15කට වැඩි නොවන බව වනජීවි නිලධාරින්ගේ පිළිගැනීමයි.

අදාල දත්තයන් නිවැරිදි නම් මේ මරා දමා තිබෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින දිවියන් 15 දෙනාගෙන් කෙනෙකි. රටක වන සම්පත මෙන්ම වනජීවි සම්පත ද ඒ ඒ රටේ අනන්‍යතාව විදහාපන අත්‍යවශ්‍ය සාධකයන්ය. කිසියම් නුවණ මද වුවකුගේ හිස් ක්‍රියාවකින් ජාතික අපරාද සිදුවන්නේ නම් ඊට නිසි දඩුවම් ලබාදීම අත්‍යවශය කරුණකි. 

උඩවලවේ මරා දැමු දිවියා සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක බව උඩවලව වනෝද්‍යාන භාරකරු ආර්.බී.ආර්.එස් රණතුංග මහතා පවසයි.

ඇඹිලිපිටිය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය වනජීවි පර්යේෂණ නිලධාරින් සමග එකාබද්ධව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරති. 

තණමල්විල මාර්ගයට යාබදව මව්ආරේ ජලය ගෙනයන ඇල මාර්ගයක් අසලදී මෙම දිවියා මරා දමා තිබියදී  වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණේ පසුගිය 31 වැනිදාය. වනෝද්‍යානයට පිටතින් මීටර් 120 පමණ දුරකදී මෙම ඝාතනය සිදුව තිබු බව ආර්.බී.ආර්.එස් රණතුංග මහතා සදහන් කරයි.

වදහිංසා පමණවමින් මරා දමා තිබු දිවියාගේ ශරීර කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා උඩවලව ඇත්අතුරු සෙවනට යොමු කරන ලෙස  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 01 වැනිදා නියෝග කර තිබිණි.

මරා දමා තිබු දිවියාගේ දත් හා අත් පා කොටස්ද ඝාතකයන් විසින් රැගෙන ගොස් තිබේ. 

සතුන් ඇල්ලීමට යොදාගන්නා මද්දකට අසුවු දිවියා පසුව ඝාතනය කරන්නට ඇතැයි වනජීවි නිලධාරින් සැක පහළ කරයි. ඒසේ නැත්නම් මද්දට අසුවී මියගිය දිවියාගේ ශරීර කොටස් දඩයක්කරුවන් විසින්ම රැගෙන ‌ෙගාස් ඇත.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කරන පරිදි  මෙලෙස ඝාතනය කර ඇත්තේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව 30 වැනි වගන්තියේ 2 වැනි උප වගන්තියට අනුව දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයකු ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන සත්ත්වයෙකි.

මෙලෙස දැඩිලෙස ආරක්ෂිත සත්ත්වයකු වන දිවියා සම්බන්ධයෙන් තහනම් ක්‍රියාවක් සදහා දඩුවම රුපියල් තිස්‌ දහසකට නොඅඩු හා රුපියල් ලක්‍ෂ එකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයකට එක්‌ ආකාරයකින් බන්ධනාගාරගත කළ හැකිය.

කෙසේ වෙතත් අදාල සිද්ධි සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සදහා ප්‍රමාණවත් තරම් පිරිස් බලයක් වනජීවි දෙපාර්තමේන්තුවට නොමැති බව තමන් ප්‍රායෝගිකව දන්නා බව නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 

ඒ නිසා ඔවුන්ට ඇගිල්ල දිගු කිරීමට වඩා සෑම විටම පිරිස් බලය මෙන්ම වෙනම ඒකකයක් අදාල සැකකරුවන් අල්ලා ගැනීමේ  වෙනුවෙන් වනජීවි දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ යුතුය යන්න තම අදහස බව හෙතම පෙන්වා දුන්නේය.

ඇතැම්විට නීතිය ඇති තැන වුවද සැකකරුවන් අල්ලා  ගැනීමට ක්‍රමවේදයක් නොමැති නිසා නිසි දඩුවම් සමාජගත නොවීම ඔස්සේ වටිනා වනජීවින්ට තවත් ජීවිත අහිමිවීමට තරම් ඛේදාන්තයක් උද්ගත කර තිබේ.

මේ සියලු කරුණු ගෙනහැර බැලුවිට තිබෙන අණ පනත් බලාත්මක කරමින් ප්‍රායෝගික තලයට ගෙන ඒමත් කෙටුම්පත් වු පනත් බලාත්මක කරගැනීමට තීන්දු ගැනීමත් රටක් හමුවේ තිබෙන අභියෝගයකි. ඒසේ නැතිනම් අපට දිවියන් මරමින් මේ ගමන් කරන්නෙ කොයිබටදැයි සිතාගත නොහැකිවනු ඇත.

රමේෂ් වරල්ලෙගම 


ගම්පොල සුද්දාගේ හිංසන විලාපය  සහ සත්ත්ව ප්‍රේමීන්ගේ 2020 ප්‍රාර්ථනාව

සත්ත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සංවිධාන රැසකි. ඔවුන් දිවා රෑ වෙහෙසෙන්නේ ලොව කොතැනක හෝ සිටින සත්ත්වයකු සත්ත්ව කෲරත්වයෙන් බේරා ගැනීමය. තිරිසනුන්ට බොහෝ දේ වැටහුණද අනෙක් ජීවින්ගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමට මාන බලන, ඔවුන් පිළිබද සිත් පිත් නැති බොහෝ දෙනෙක් මේ මිහිමත ජීවත්වෙති. අවාසනාව නම් ඔවුන්ගේ පරිසරයේම අපට ජීවත්වීමට සිදුවීමයි.

සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් කලෙන් කලට මතුවන මාතෘකාවලට අමතරව අප‌ නොදැනුවත්ව මේ මිහිතලය මත වැළලීයන කතා කොතෙකුත් තිබෙන්නට පුළුවන. ඒ හැම කතාවකටම සුවිශේෂී වැදගත්කමක් තිබෙන බව නොරහසකි. එක් අතකට ඒ සියලු කතා අප නෙතු නොගැටෙන්නේ වාසනාවකටය. නැතිනම් ජීවිත කළකිරීම මෙයට වඩා ජීවිතයට බරක් වනු නියතය.

පණපිටින් පිළිස්සීම් තුවාල ලබා මියගිය මීගමුවේ චාලි සුනඛයාගේ කතාව ඔබට තවමත් මතක ඇතිවාට සැක නැත. එපමණක් නොව වයස්ගතව ශරීරය කුශ වී සිටියදිත් පෙරහරට එක්වු ටිකිරි අලියාගේ කතාව තවත් පැතිකඩකි. ටිකිරිද දැන් ජීවතුන් අතර නැත. ඒ ආකාරයට ප්‍රසිද්ධියට පත් නොවුනද ශ්‍රි ලංකාවේ අප්‍රකටව දිනපතා සිදුවන සත්ත්ව හිංසන සිද්ධිවල නම් කෙළවරක් නැත. 

ඉතා මෑතක එවැනි අවධානයක් දිනාගත් සිදුවීමක් වුයේ තියුණු ආයුධයක පහර කෑ ගම්පොල  සුනඛයාගේ කතාවයි. සමාජ ජාල වල දැනට ප්‍රකට ගම්පොල සුනඛයාගේ කතාවද අතිශය ශෝක ජනකය.

රොෂාන් චිට්ටි ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකට අනුව නම් ගම්පොළ සුද්දා ලෙස හදුන්වන සුනඛයා පාපතරයකුගේ පිහි පහරවල් 15කට පමණ ලක්ව බරපතල තත්ත්වයෙන් ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දුන්නෙකි. පිහියකින් හෝ තියුණු ආයුධයකින් පහරකෑවෙකු නැවත බේරෙයිදැයි ඔබට සිතෙන්නට පුළුවනි. නමුත් එතරම් බරපතල තත්ත්වයෙන් පසුවුවද තම ස්වාමියා සොයා නිවසට ඒමට තරම් හිත සවි කරගත් මේ සුනඛයා කිලෝමීටර් එක හමාරක් පමණ ඈතක සිට ලේ ගලන ශරීරය කැටිව සිය ස්වාමියාගේ නිවස සොයාගෙන පැමිණ තිබේ. 

කිලෝමීටර් එක හමාරක් දුරට ලේ වලින් ඉරි ඇදි ගම්පොළ සුද්දාගේ වේදනාව ඔබට අලුතින් නොකිව මනාය. මෙම සිද්ධිය පිළිබදව සමාජ මාධ්‍ය තුළ  පසුගිය කාලය පුරාවට බොහෝ තොරතුරු පළවිය. 

ප්‍රමාදවන සෑම මිනිත්තුවකම තිබුණේ ගම්පොළ සුනඛයාගේ ජීවිතය පිළිබද අවිනිශ්චිත බවකි. සත්ත්වයන්ට ආදරය කරන, සත්ත්ව හිංසාව පිටුදකින සමාජ මාධ්‍ය ජාලයේ යම් පිරිසක් ගම්පොළ සුද්දාවෙනුවෙන් තම හැකි පමණ ආධාර උපකාර කිරීමට ඉදිරිපත්වුයේ මේ අවස්ථාවේය. 

ශිල්පා සමරතුංග ගේ වචනයෙන් ඇය සමාජ මාධ්‍ය ජාලයේ තැබු සටහනකට අනුව සුද්දාගේ සිරුර එකවර බැලීමට තරම් අපහසු තරමට අසතුටුදායක තත්ත්වයකට පත්ව තිබිණි. සුද්දා වේදනාව පිටකරන අයුරු තිරිසනෙකුටවත් බලා සිටිය නොහැකි තරම්ය.කොළඹට ගෙන ආ වහාම සුද්දා සැත්කමකට යොමු කිරීමට රොෂාන් චිට්ටි සහ ශිල්පා සමරතුංග වහා කටයුතු කරනුයේ සුද්දාගේ ජීවිතය ගලවා ගැනීමේ අරමුණ පෙරදැරිවය.

මෙම සැත්කම පැය 4කට අධික කාලයක් තුළ ක්‍රියාත්මක විය. සුද්දා ගැන යම් බලාපොරොත්තුවක් දැල්විය හැකි මට්ටමට පැමිණ තිබුණේ ඉන් අනතුරුවය. සත්ත්ව කරුණාවක් මනසින්වත් දැක නැති පාපතරයකු නිසා ජීවිතය අහිමිවීමට ගිය ගම්පොල සුද්දාට නැවත ජීවය ලැබී ඇත්තේ ශිල්පා ඇතුළු පිරිස කළ මේ මැදිහත්වීම සහ ඊට සද්භාවයෙන් අධාර උපකාර කළ පිරිස නිසාය. තවමත් ගම්පොල සුද්දාට සියයට සියයක් සුවය ලැබී නැත. ඔහු රැකවරණයට ගෙන බලා කියා ගන්නා ශිල්පා ඒ වෙනුවෙන් තවමත් හිත් පිං ඇති මිනිසුන්ගේ ආධාර උපකාර ඉල්ලමින් සිය ෆේස්බුක් පිටුවේ තොරතුරු පළ කරන්නීය.

පසුගිය කාලයේ සමාජ මාධ්‍යයේ පළවු තවත් වීඩියෝවකින් දැක්වුයේ සුරතල් පුසෙකට කළ පහරදීමකි. එම පුසා ජීවිතය සහ මරණයට පණ අදිමින් සිටින අයුරු බලන්නට තරම් අමිහිරිය. මේ සියලු කතාවලින් කියැවෙන්නේ එකම කතාවකි. ඒ තවමත් මේ මිනිස් සමාජය තුළ තිරිසන් සිත් ඇති මිනිසුන් ජීවත්වන බවයි. ඔවුන් මිනිසුන්ගෙන් එපිටට ගොස් සත්ත්වයන්ට හිංසා කරමින් සිටින බවයි. 

අප කොතෙකුත් සත්ත්ව අයිතීන් වෙනුවෙන් හඩ නැගුවද සමාජයක් එකවර උසස් මනසකින් පෝෂණය කොට ඔවුන් එම සිතිවිලිවල ගිල්ලවීම අපහසුය. නමුත් අනෙකාගේ වේදනාව, අනෙකාගේ ආදරය, අනෙකාගේ අපේක්ෂාව සහ අනෙකාගේ ජීවිතාර්ථය තේරුම් ගැනීමට තරම් අපොහොසත් මිනිසුන් මිහිපිට ඇතැයි ඔබ සහ මම කෙසේ විශ්වාස කරන්නද ?  

වේදනාව සියලුදෙනාට පොදුය. ආගම දහමින් වුවද සමාජයක් සුපෝෂිත කිරීමට වෙර දරන්නෙ තමන් ගැන තේරුම් ගැනීමකට වඩා මිනිස් ජීවිතයේ වටිනාකම් තේරුම්කර දීමටය. සතා සිව්පාවුන්ගේ ජීවත්වීමේ අයිතිය තේරුම් ගැනීමට එවැනි ඔවදන් ඔනෑවටත් වඩා ප්‍රමාණවත්ය.

2019 වසර ඇරඹුනේ මීගමුවේ චාලි ගැන ආන්දෝලනයෙනි. 2019 වසර අවසානයට පැමිණ ඇත්තේ ගම්පොළ සුද්දාගේ ආන්දෝලයෙනි. චාලි සුනඛයා මෙලොව හැර ගියද ? ගම්පොළ සුනඛයා සුද්දාට තවමත් ජීවත වරම් හිමිව තිබේ.ඒ සිත් පිත් ඇති මිනිසුන්ගේ සත්ත්ව කරුණාව නිසාය.

සත්ත්වයන් ඉලක්ක කරගනිමින් මෙසේ සිදුවන කෲරත්වය සම්බන්ධයෙන් අප නීතිඥ වොසිතා විජේනායක මහත්මියගෙන් විමසීමක් කළේය. 

“ සත්ත්වයන් ඉලක්ක වු කෲරත්වය ශ්‍රි ලංකාවේ දිනෙන් දින ඉහළ යන බව අසන්නට ලැබීම කණගාටුවට කරුණක්. රටක් ලෙස අප මෙම තත්ත්වයෙන් අත්මිදිය යුතු වෙනවා. 

අප නිතර බලධරයන්ට සිහි කැදවන සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී වසර ගණනාවක්. අප විශ්වාස කළා සියලුම සත්ත්වයන්ට හිංසාවෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරුවීම සදහා සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත පනතක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මතවනු ඇතිබවට. නමුත් තවමත් එය යතාර්ථයක් වී නැහැ. සියලුම සත්ත්ව අවිහිංසාව අගයන පුද්ගලයන් හා සංවිධානවල 2020 වසරේ බලාපොරොත්තුව මෙම පනත සම්මත කර ගැනීම යැයි නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවසුවාය.

2020 වසර ආරම්භවීමට ඇත්තේ තවත් දින කිහිපයකි. සත්ත්ව හිංසනය වෙනුවෙන් හඩ නගන බොහෝ දෙනෙක් අලි ඇතුන්, සුනඛයන්, පුසන්, ගවයන් සහ තවත් බොහෝ සත්ත්ව කොට්ඨාශවල අයිතිය වෙනුවෙන් පෙනී සිටිති. වර්ගීකරණය වන සුරතල් සතුන්ට මෙන්ම අනෙකුත් ලොකු කුඩා සියලු සතා සිවුපාවුන්ටද ජීවත්වීමේ අයිතියක් තිබේ. ඒ අයිතිය පිළිගැනීමට මෙන්ම තිරසනුන් ලෙස හැසිරෙමින් ඔවුන්ට වද හිංසා පමුණවන්නන් හෙළා දකිමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවිය හැකි සමාජ වට පිටාවක් නිර්මාණය විය යුතුය.

සත්ත්ව හිංසකයන්ට යම් ප්‍රමාණයකට දඩුවම් දෙන සත්ත්ව සුබසාධන කෙටුම්පත 2020 වසරේදී හෝ පනතක් ලෙස බලාත්මක කරගත හැකිවේවා යන්න මෙරට සියලු සත්ත්ව ප්‍රේමීන්ගේ 2020 ප්‍රාර්ථනාව වනවා නොඅනුමානය.

සටහන – රමේෂ් වරල්ලෙගම 


Addressing Human Elephant Conflict in Sri Lanka: Stakeholder Discussion on the Way Forward

by Nadeesha Paulis


Humane Society International together with SLYCAN Trust organised a lecture on “Addressing the human-elephant conflict in Sri Lanka” followed by a panel discussion on October 14th, 2019. Dr Prithiviraj Fernando, an expert in the conservation field with for over 25 years, narrated the present situation in Sri Lanka. 


Sri Lanka is home to the largest animal to walk on earththe elephant. At present, about 7000-8000 wild elephants roam in close to 70% of land in Sri Lanka compared with countries such as India where elephants only occupy 3%. While this itself is a blessing, tragedy lurks underneath the tropical paradise. Around 150 elephants and fifty people die each year due to human-elephant conflicts (HEC). The main reasons for the altercations between human and elephant are the drastic increase in the human population, encroachment for agriculture and settlements as well as unplanned development efforts.


HEC is neither simple nor straightforward. It is not a problem with easy solutions. 

(Image by Danushka Senadheera)


Trials and errors to manage human-elephant conflicts 


As a way to manage HEC, the Wildlife Conservation Department has tried several methods namely elephant translocation, setting up an elephant holding ground in Horouwpathana, mass elephant drives as well as setting up electric fences. 


Dr Fernando noted close to 25 cases of lone male elephants such as “Chandi” and “Brigadier” who were translocated to more favourable locations because of their “troublesome” nature. Unfortunately, the elephants in almost all 25 cases have returned to their home range sometimes crossing over 200 km making translocation of elephants detrimental to both humans and elephants.  

(Dr Prithiviraj Fernando speaking about the human-elephant conflict in Sri Lanka)


“It’s like Jurassic Park. They don’t like to call it a ‘prison but that’s what it is,” said Dr Fernando speaking about the elephant holding ground out of which elephants would always break out, even though it was a fortress.


Elephant drives are another tactic to relocate masses of elephants into the existing parks, sometimes 100-200 elephants at a time but again, the problem is not solved because 95% of they consist of innocent females and their juveniles which means that the problem causing elephants are left behind. Using ali wedi or huge firecrackers to scare the elephants away is also futile because while it may scare away the females (who don’t cause harm in the first place) it will only aggravate and annoy the male elephants who as a result, do more damage. 


The panel consisted of Rohan Wijensinha – Chairperson of the Federation of Environmental Organisations, Dr. Ajith Gunewardena – Assistant Director of the Central Environment Authority,  Hemantha Withanage – Executive Director at the Center for Environment Justice, Anura Sathurusinghe – Director of Ecosystems and Conservation Programme at SLYCAN Trust and Dr. Pruthuviraj Fernando Chairman from the Center for Conservation and Research, and was moderated by Vositha Wijenakaye of Humane Society International of Sri Lanka. 

([Left to right] Dr. Ajith Gunewardena, Hemantha Withanage, Anura Sathurusinghe, Dr. Pruthuviraj Fernando and Rohan Wijensinha)


What are the solutions to enable human-elephant co-existence?


“The income generated from Minneriya and Kaudulla National Parks during the season adds about 1.75 billion rupees to the local economy. That’s how valuable elephants (and other wildlife) are to us,” said Rohan Wijensinha who emphasised on the need for planned development in these areas so that it can enable human-elephant co-existence. “Policies are not enough. Sri Lanka needs movements that go beyond policies,” adds Mr Wijensinha encouraging the youngsters present at the event to build a movement of change.  


Anura Sathurusinghe spoke about deforestation and how it impacts HEC. “At the moment, large-scale infrastructure developments such as roads and reservoirs contribute to deforestation more than encroachments,” said Mr Sathurusinghe. He says that on average, 7500 to 8000 hectares of land undergo deforestation in Sri Lanka, which is a low rate compared with other countries but still a cause for concern. He emphasised the need to identify a value for the ecosystems similar to India’s tiger reserves so that all stakeholders involved, from policymakers to the inhabitants are aware of the need to conserve. 

( Lecture on the human-elephant conflict in Sri Lanka) 


Hemantha Withanage spoke about hakka patas as a big threat to elephants. Attached to pumpkin or pineapple, this device detonates once an animal bites on it, badly wounding and ultimately killing it. He also spoke of unplanned development projects such as roads and housing schemes that are built on the elephant corridors that adversely affect the elephants who have been using these corridors to migrate for generations. “This is a man-made, politically fueled, conflict,” says Mr Withanage who calls out for science-backed elephant management policies that will help both man and animal. 


Speaking on elephant corridor mapping and habitat management through remote and satellite-based technology Dr Ajith Gunewardena said “We’ve initiated a project to map out the ecosystem services in Kamberawa in the Knuckles range where we use high-res satellite data to identify habitat quality, pollination, sediment delivery ratio, land degradation, environmental sensitivity and so on,” He also spoke about using technology and methods such as on strategic environmental assistance to identify which areas need to be conserved, which areas are good for human settlements and development projects and so on. 

(Attendees at the lecture on the human-elephant conflict in Sri Lanka)


Additional reading on HEC. 



චාලි පිළිස්සු මිනිසුන්ට බල්ලන්ගේ අගේ දැනුනු මොහොතක් …


අමුනුස්සකම් අතරේ දෝරෙ ගලන මනුස්සකම් ගැන අපට නිරන්තර සතුටක් තිබේ.  තිරිසන් සතුනට වුවද ජීවිතයක් තිබෙන බව පිළිගන්නේ එවැනි මනුස්සකම් හිත තුළ ඇත්තවුන්ය. මිනිසුන්ට කිසියම් පීඩාවක් වුවදුරක් ඇතිවු විට ඉදිරිපත්වන තිරිසන් සතුන් අතර  ප්‍රමුඛත්වය ලැබෙන්නේ සුනඛයන්ටය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමත් සමග හිටි හැටියේ සුනඛයන් ගැන තිබෙන අවධානයද  සිය දහස් ගුණයකින් වැඩිවිය. ඒ ත්‍රස්තවාදී සැකකරුවන් හා පුපුරණ ද්‍රව්‍ය සොයා දීමට ආරක්ෂක අංශවල පෙරමුණටම ආවේ සුනඛයන් නිසාය.

තිරිසන් වු මනුස්සයන් ලේ පිපාසිතව ව්‍යවසනයන් සිදු කරද්දී සුනඛයන් තිරිසන් මිනිසුන්ව සොයා රටක ආරක්ෂාව තහවුරු කරදීමට යුද, ගුවන් සහ පොලිස් සියලු ආරක්ෂක අංශවලට සහය වීමට පටන් ගත්තේය.

මීගමුවේ චාලි සුනඛයා පණපිටින් පුලුස්සා දමනවිට ඒ වෙනුවෙන් ඉදිරියට පැමිණ හඩ නැගීමට ඉදිරිපත්වුයේ සුළු පිරිසක් වුවද මෙම ව්‍යවසනයේදී සුනඛයන් පෙරමුණ ගත්තේ රට වැසි සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙලට සහය වීම සදහාය.

බලු සුරතලුන්ගේ ඥානය ගැන ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන්නේ අද ඊයේ පටන් නොවේ. ලැබ්‍රඩෝර් හා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් ඥානයෙන් ඉහළ බව ආරක්ෂක අංශවල පිළිගැනීමයි. ඔවුන් පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීමට විශිෂ්ටයන් වනවිට බෙල්ජියම් මැලිනොයිස් (මැලනුවා) වර්ගය ඥානය අතින් ඔවුන්ටත් වඩා ඉහළින් සිටිමින් බිම් බෝම්බ ඉවත් කිරීමේ දක්වා කටයුතුවලට දායක වෙයි.

මෙයට දස වසරකට පෙර වඩා ක්‍රියාශීලි ලෙස මෙම සුනඛයන් හමුදා රාජකාරි සදහා සහය වුයේ එකල පැවැති යුද වාතාවරණය තුළදීය. පසුගිය කාලයේ ලැබ්‍රඩෝර් හා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් සිටියේ විශ්‍රාමගොස් මෙන්ය. ඊට හේතුවුයේ පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීමේ රාජකාරිවලින් ඔවුන් නිදහස් වීමයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රට තුළ ඇතිවු අවිනිශ්චිත භාවය තුරන් කිරීමේ මෙහෙයුම්වල වගකීම් ඔවුන් වෙත පැවරෙන්නට වුයේ මේ පසුගිය සති කිහිපයේ සිටය. කොටින්ම කියතොත් අප්‍රේල් 21 වැනිදා සිටය. ඔවුන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සහය දක්වමින් කොළඹ පීරුවේය. සුනඛයන්ගේ ඉවට පැටලුනු බොහෝ සැකකටයුතු පුපුරණ ද්‍රව්‍ය සගවා තිබු ස්ථාන, පුපුරණ ද්‍රව්‍ය භාවිතා වු නිවස්න හදුනාගැනීම නිසා ත්‍රස්තවාදී සැකකරුවන් රැසක්ද නීතියේ රැහැනට පැටලිනි.

බල්ලාගේ සේවය මිනිසාට දැනෙන්නට වුයේ මෙවැනි සිද්ධිවල පුවත් මැවෙනවිටය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සුනඛයන්ට ආචාරකරන ඡායාරූප හුවමාරුවීමට පටන්ගත්තේ නිමේශයෙනි. ඇත්ත නම් මිනිස්සුන්ගේ ජීවිත කීයක් ඔවුන් විසින් රැක්කාද දන්නේ ඔවුන්ම නොව ඔවුන්ගේ සේවය ලබාගත් ආරක්ෂක අංශ නිලධාරින්ය.

නමුත් වෙහෙස නොබලා රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට සුනඛයන්ද ඉදිරිපත්වෙද්දී එවැනි පරිත්‍යාග කරමින් බලු සුරතල් වලින් ඔබ්බට ගොස් රට ගැන යුතුකම් සිහි කරන සත්ත්ව හිංසනය පිටුදකින සංවිධානවල සාමාජික සාමාජිකාවෝද මේ මොහොතේ අගය කළ යුතුය.

දැන් යුද හමුදා ඉංජිනේරු බළකායේ සීබීආර්එන් අංශයට මෙවැනි සූර වීර සුනඛයන්ව භාර දීමේ හැකියාව ඔබටත් තිබේ. පසුගිය තෙවසරේම බිම් බෝම්බ ඉවත් කිරීමෙන් ලොව හොදම සුනඛයා වු මෙම අංශයේ මැලිනොයිස්ලයි සුනඛයා මෙන් අභිමානවත් සුනඛයකු වීමට අනෙකුත් සුනඛයන්ටද දැන් අවස්ථාව තිබේ.

සුරතලයට, නිවසේ ආරක්ෂාවට සිටින ඔබේ සුරතල් සුනඛයා මෙන්ම අනෙකුත් සුනඛයන්ද තිරිසනුන් වුවද ජීවයක් පවතින සත්ව ලෝකයේ අහිංසකයන්ය. ඔවුන්ට ඔබගේ ආදරය රැකවරණය දෙන්න. ඔවුන් ඔවුන්ගේ වරිගය වෙනුවෙන් ඉල්ලා සිටිනු ඇත්තේ එවැන්නකි.

රමේෂ් වරල්ලෙගම